By unusuma.lk on
(LK time)ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බවයි.
ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම කිව්.ආර්.කේත මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇත.
අමාත්‍යංශය පවසන්නේ කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවයි.
මෙම නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව මැයි මාසයේ සිට මෙරට සියලු අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් කටයුතු සිදුකෙරෙනු ඇත.