By unusuma.lk on
(LK time)මේ වන විට පවත්වාගෙන යන උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය සඳහා අදාළ නිවේදන නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
විභාග කාලය තුළ ප්රචාරක කටයුතු ආරම්භ කිරීමෙන් විභාගයට බාධා ඇති විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මීට පෙර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දැමුණු උසස් පෙළ විභාගය මේ වන විට සාර්ථකව පැවැත්වෙමින් පවතී.
මේ අතර, පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (03) දින පැවැත්වීමට නියමිතය. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී මැතිවරණයට අදාළ නාමයෝජනා යළි කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
දැනට ඉදිරිපත් කර ඇති නාමයෝජනා සම්බන්ධයෙන් විවිධ පක්ෂ වලින් යෝජනා ඉදිරිපත්ව ඇති අතර, පක්ෂ මාරුවීම්, විදෙස්ගත වීම් හා දේශපාලනයෙන් ඉවත් වීම හේතුවෙන් නැවත නාමයෝජනා කැඳවීමේ අවශ්‍යතාවක් පවතින බව පක්ෂ නායකයෝ පවසති.