යුක්තිය අපයෝජනය කළ ලෝක බලවතා.!

ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්, තම පුත්‍රයා වන හන්ටර් බයිඩන්ට ජනාධිපති සමාවක් ලබා දී තිබේ.

බයිඩන්ගේ මෙම ක්‍රියාව ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂය විසින් දැඩි විරෝධයට ලක්ව ඇති අතර, ජනාධිපති බලය අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙස චෝදනා කරයි.

හන්ටර් බයිඩන්ට බරපතළ චෝදනා දෙකක් එල්ල වී ඇති අතර, ඒවා නම් නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ගිනි අවියක් ලඟ තබා ගැනීම සහ බදු වංචාවයි. ජනාධිපති බයිඩන්, හන්ටර්ට එරෙහිව තවත් දඬුවම් නියම කිරීමට නියමිතව තිබියදී මෙම සමාව ලබා දී තිබේ.

ජනාධිපති බයිඩන් මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, හන්ටර්ට අසාධාරණ ලෙස චෝදනා එල්ල වී ඇති අතර, ඔහුගේ මානසික තත්වය සැලකිල්ලට ගෙන මෙම සමාව ලබා දුන් බවයි.

54 හැවිරිදි හන්ටර් හිටපු නීතිඥයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහුට එරෙහිව බලය අවභාවිතාකරමින් පෞද්ගලික ලාභ ලබා ගැනීමේ චෝදනා ද එල්ල වී තිබේ.

මෙම සමාව හේතුවෙන් බොහෝ දෙනා විසින් ජනාධිපති බයිඩන්ට තම පුත්‍රයා ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති බලය අයුතු ලෙස භාවිතා කරන බවට චෝදනා එල්ල කර ඇත.

මේ අතර අමෙරිකාවේ තේරී පත් නූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සමාව හඳුන්වා ඇත්තේ “යුක්තිය අපයෝජනය කිරීමක්“ ලෙසයි.

⚡- 623 Readers , 1 Total views

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments