By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාමර සම්පත් දසනායක මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මා මුණගැසුණා. අගමැති ලෙස සිටි සමයේ මෛත්‍රිපාල සිරිසේන ජනපති සමග මගේ අනුදැනුම ඇතිව භාණ්ඩාගාර ලේකම්තුමා එදා චක්‍රලේඛනයක් නිකුත් කළා.
පළාත් සභා මුදල් තැන්පත් ගිණුම් වල තැබීමට නොහැකි බවට ඒ චක්‍රලේඛයෙන් කියැවුනා. රජයේ මුදල් මෙන්ම අනෙක් මුදල් ඒ වර්ෂය ඇතුළත වියදම් කරන්නට තිබෙනවා. නැතිනම් මුදල් අමාත්‍යංශයට හෝ පළාත් සභාවේ මුදල් අමාත්‍යංශයට ඒ මුදල් නැවත දෙන්නට තිබෙනවා.
ඒ මුදල් ඉතිරි කරගෙන තැන්පත් ගිණුම් වල තබාගෙන එය පසුව වෙනත් ව්‍යාපෘති වල යෙදවීම නීති විරෝධී නිසා අප ඒ පියවර ගත්තා. ඒ අවස්ථාවේ චාමර සම්පත් මහ ඇමැතිවරයා මෙන්ම තවත් මහ ඇමතිවරුන් කිහිප දෙනෙක් මට කතා කළා. එය කරන්නට නොහැකි ඇයි දැයි දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් එම මුදල් තැන්පත් ගිණුම් වලින් ඉවත් කර තිබෙනවා.