By unusuma.lk on
(LK time)අප්‍රේල් මස (13) සහ (14) දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සදහන් කරයි.
අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාව නැවතත් කොළඹට පැමිණිම හේතුවෙන් මාර්ග වල වාහන සංඛ්‍යාව වැඩි විය හැකි බැවින් අපරීක්ෂාකාරි ලෙස රිය ධාවනයෙන් වළකින ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.