By unusuma.lk on
(LK time)අද (16) පැවති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බවයි.
අමාත්‍යවරයා කියා සිටියේ, උදය ගම්මන්පිල මහතා මීට පෙර මේ රටේ නඩු කතා කර ඇති බවට ජනතාව දැක නැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා :
“ගම්මන්පිල මහතා මේ රටේ නඩු කතා කරනවා මීට පෙර ජනතාව දැක නැහැ. නමුත් පිල්ලයන් තම නීතිඥයා හැටියට තෝරාගෙන තිබෙන්නේ ගම්මන්පිලව.
ගම්මන්පිල බාරගෙන තිබෙන්නෙත් පිල්යන්ගේ නඩුව. මේවා නිකම්ම නිකම් දේශපාලන ඝාතන නොවේ. මේවා මහා ජාලයක් ඇතුලේ ක්‍රියාත්මක වී තිබෙන දේවල්. එම නූල් බෝලය දැන් ටිකෙන් ටික ලිහෙමින් පවතිනවා.
මේ වන විට අල්ලස් කොමිසම සක්‍රීය වී පසුගිය කාලයේ යටගොස් තිබූ ෆයිල් උඩට ගනිමින් තිබෙනවා. වැරදිකරුවන්ට නඩු පවරමින් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරමින් නඩු පවරමින් අධිචෝදනා ගොනු කරමින් සිටිනවා.
නීතිය පැත්තෙන් කළ යුතු සියලු දේවල් ඊට සම්බන්ධ ආයතන මගින් සිදුකරමින් පවතිනවා. රජය මඟින් සිදු කරනු ලබන්නේ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමණයි”