By unusuma.lk on
(LK time)හෙට (18) දිනයේ සිට කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට “සිරි දළදා වන්දනාව” සඳහා විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සඳහන් කරයි.
සිරි දළදා වන්දනාවේදී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ බැතිමතුන්ට වන බවද මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සඳහන් කරයි.
උදෑසන කිරි ආහාර පුජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවද නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සඳහන් කරයි.
ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බවත් ඔවුන්ව ද විශේෂ ආරක්ෂාවකට ලක්කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.
“සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මේ බව සඳහන් කරයි.