By unusuma.lk on
(LK time)අමෙරිකා එක්සත් ජනපදයේ පැරණිතම විශ්වවිද්‍යාලය වන හාවඩ් විශ්වවිද්‍යාලය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම්වලට හිස නොනමන බව ප්‍රකාශ කිරීමෙන් පසුව එක්සත් ජනපද රජය විසින් විශ්වවිද්‍යාලයට විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම තහනම් කරන බවට තර්ජනය කර ඇත.
හාවඩ් විශ්වවිද්‍යාලයට මෙම මෙම වසරේ ඇතුළත් වීම්වලින් 27% කට වඩා වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර සිසුන් වන අතර බඳවා ගැනීම්, ඇතුළත් කිරීම් සහ ඉගැන්වීමේ පිළිවෙත් වෙනස් කරන ලෙස ධවල මන්දිරය මීට පෙර ඉල්ලා තිබුණේය.
කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීම් හාවඩ් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ධවල මන්දිරය විසින් එහි ප්‍රජාව පාලනය කිරීමට උත්සාහ කරන බව හාවඩ් පරිපාලනය සඳහන් කරයි.
නමුත් ධවල මන්දිරයෙන් ඉදිරිපත් කරන ලද මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසුව ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත්තේ, එම විශ්ව විද්‍යාලය සඳහා වන ෆෙඩරල් අරමුදල්වලින් ඩොලර් බිලියන 2 කට වඩා කපා හරින බවයි.