By unusuma.lk on
(LK time)ලංකා ඉතිහාසයේ නිර්මාණය වී තිබෙන රට ගොඩනඟන ආණ්ඩුව මෙය බවත් රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන ආණ්ඩුව මෙය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“අපේ ආණ්ඩුවේ ප්‍රධානතම වගකීම වන්නේ අධ්‍යාපනය, ප්‍රවාහනය සහ සෞඛ්‍යයයි. නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපි සෞඛ්‍ය සේවය නඟා සිටුවනවා. ඒ සඳහා මේ වසරේදී නියමු ව්‍යාපෘතියක් අපි සැලසුම් කර තිබෙනවා.
දකින දකින දොස්තර ගාවට ගිහින් බෙහෙත් ගන්න අවශ්‍ය නෑ. පවුලකට වෛද්‍යවරයෙක් සිටිය යුතුයි. ඒ ආකාරයෙන් අපි සෞඛ්‍ය සේවයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. එසේ නම් ලංකා ඉතිහාසයේ නිර්මාණය වී තිබෙන රට ගොඩනඟන ආණ්ඩුව මෙයයි.
මේ රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන ආණ්ඩුව මෙයයි. මේ රටේ අනාගතයත් මේ රට ගොඩනගන කාර්යභාරයත් මුළුමනින්ම තිබෙන්නේ ජාතික ජන බලවේගය අතේ බව අප කවුරුත් දන්නවා. දැන් ප්‍රාදේශීය සභා මැතිවරණය පැමිණ තිබෙනවා.
ග්‍රාමීයව ප්‍රාදේශීය සභාවල ලොකු ආදායම් නැහැ. එහෙත් ප්‍රාදේශීය සභා වලට වැඩ ගොඩක් තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අය වැයෙන් ලබා දෙනවා. ඔබ කළ යුත්තේ ඒ වෙනුවෙන් පළාත් පාලන ආයතනවල බලයත් ජාතික ජන බලවේගයට ලබාදීමයි.
මීට වඩා හොඳ ආණ්ඩුවක් කල්පෙකට එන්නේ නැහැ. එසේ නම් අපි සියලු දෙනා එක් වී මේ රට හදන්න ඕනෑ.”
ජාතික ජන බලවේග ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.