ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්.!

සමාජ මාධ්‍ය ඔස්සේ “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ප්‍රචාරය වන ආරාධනා පත්‍රය ව්‍යාජ ව සකස් කරන ලද්දක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් මේ ආකාරයේ කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ නමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම ආරාධනා පත්‍රය රැගෙන සමාරම්භක අවස්ථාවට සහභාගි වීමට මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස එහි සඳහන් කර ඇත. 

මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගනිමින් සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවටත් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් සංසරණය වන අතර ඒවායේ කිසිදු සත්‍යතාවක් නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments