නියෝජ්‍ය ඇමතිගෙන් CIDයට පැමිණිල්ලක්.!

තමා සහ සිය දියණිය සම්බන්ධව සංසරණය වන අතිශය සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ දියණියගේ ඡායාරූප භාවිත කර කොළඹ ප්‍රසිද්ධ හෝටලක සිය දියණියගේ උපන් දිනය පවත්වා ඇති බවත් ඊට අදාළ දැඩි අපහාසාත්මක සහ ද්වේශ සහගත කරුණු එම සටහනේ දක්වා ඇති බව සඳහන් කරයි.

අදාළ උපන් දින උත්සවය සිය වැඩිමහල් දියණිය විසින් 2023 වසරේ අප්‍රේල් මස (16) වැනි දින ගිරිඋල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ බවත් දියණිය කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක වන බවත් ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන බවද සඳහන් කර ඇත.

මෙම ව්‍යාජ පුවත මගින් පූර්ණ කාලීන දේශපාලනයේ නිරත තමාට මෙන්ම තම දේශපාලන ව්‍යාපාරයට බරපතළ අපහාසයක් සිදුවන බවත් දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින්ටද මෙම අසත්‍ය පුවත මගින් ද්වේශ සහගත සහ හිතාමතාම අපහාර සිදුකර ඇති බව පැමිණිල්ල මගින් සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මේ සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් කර ඊට අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments