By unusuma.lk on
(LK time)පිල්ලෙයාන් ජාතික වීරයෙක් කරන්න උදය ගම්මන්පිල දාලා තියෙන්නේ බිල්ලක් බවත් ඇම දාල බලන්නේ මතයක් හැදීමට බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ,
“පිල්ලෙයාන් ඇතුලේ. ජනතාව මොකුත් කියන්නෙ නෑ. හැබැයි ගම්මන්පිලයා කෑ ගහනවා. පිල්ලෙයාන් ඇතුළට ගියාම මාර වැඩේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවාද ගම්මන්පිලය මීට කලින් නීතීඥයෙක් හැටියට උසාවියක නඩුවක පෙනී ඉන්නවා.
දැන් පළවෙනි වතාවට ගම්මන්පිලයා පිල්ලෙයාන්ගේ නීතීඥයා වෙලා. අන්න පිල්ලි. පිල්ලෙයාන් ඇතුළට ගියාම දැන් ගම්මන්පිල පිල්ලෙයාන් බලල ඇවිල්ලා මොකද කියන්නේ. එයා 2015 – 2020 කාලෙ හිරේලු හිටියෙ.
2019 වසරේ පාස්කු ප්‍රහාරය සිද්ද වුණාලු. ඒක නිසා එයා හිරගෙදර ඇතුලේ. මේකට කිසිම සම්බන්ධයක් නැතිලු. යකෝ ඇයි මේ කෙහෙල්කන වැට පනින්නේ. පුහුල් හොරා කරෙන් දැනේ වගේ. ඇයි මේක කියවන්නේ. මොකද පිල්ලෙයාන් ඇතුළට ගිහිල්ලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයට නෙමෙයි.
අර මහාචාර්යතුමෙක් ඝාතනය කිරීමේ ප්‍රශ්නෙකට. හැබැයි ගම්මන්පිලය ඇවිල්ලා කියවන්නේ වෙන එකක්. ඇයි මේ හදිස්සිය. ගම්මන්පිලයෝ පොඩ්ඩක් හිටපන් කෙඳිරි ගාන්නේ නැතිව. ඇයි මේ. දැන් මේ හදිසියේ පිල්ලෙයාන්ගේ නිතීඥයා වෙන්න දේශප්‍රේමී, බෞද්ධ, රට ජාතිය ගැන කතා කරපු ගම්මන්පිලට හදිසි අමාරුව ඇතිවෙලා තියෙන්නේ ඇයි.
අර මුලතිව් වල 600ක් පොලීසිය ඝාතනය කරන්න මැදිහත් වුණා කියලා නෙමෙයිනේ. මිනී මැරුවා කියලා නෙමෙයිනේ. ආයුධ සන්නද්ධව නැගෙනහිර දේශපාලනය කරනවා කියලා නෙමෙයිනේ. දැන් මිනිහ කියන විදිහට ප්‍රභාකරන් ඉවර කරලා රට එක්සේසත් කලේ දුටුගැමුණු රජ්ජුරුවෝ වගේ ගම්මන්පිලය කියන විදිහට පිල්ලෙයාන්.
දැන් පිල්ලෙයාන් අපට උගන්වන්න හදන්නේ, ඕක රනිලයා කීවනම් අපි පිලිගන්නවට වඩා පිල්ලෙයාන් ජාතික වීරයෙක් කරන්න හදන්නේ ගම්මන්පිලය මොකද.? ඕක පිටිපස්සේ තව කට්ටිය ඉන්නවා. හොදට මතක තියාගන්න. පිල්ලෙයාන් ජාතික වීරයෙක් කරන්න ගම්මන්පිලය දාලා තියෙන්නේ බිල්ල.
මේ ඇම දාල බලන්නේ, මුට්ටිය දාල බලන්නේ හදන්න හදන මතය මොකක්ද.? පාස්කු ප්‍රහාරයට අහිංසකයෙක් මේ මාට්ටු කරන්න යන්නේ කියලා. ඉක්මන් වෙන්න එපා. හදිස්සියක් නෑ. කලබලයක් නෑ. කෙහෙල්කන වැට පැනලා තියෙන්නේ දැන්. අපි එක දෙයක් කියන්නම්, සහතිකයක් දෙන්නම්.
ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේ කිවුවා වගේම අද අපි කියන දේ ඒක වගේමයි මේ රටේ මහජන ධනය මංකොල්ල කාපු එකෙකුටවත් නිදහස් වෙන්න දෙන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක වෙනවා.. සතිකයි. එච්චරයි.”
ජාතික ජන බලවේග ජන රැලියක් අමතමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කරයි.