ජනවාරි සිට අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙයි.!

අද වනවිට දරුවන්ගේ අධ්‍යාපනය මවුපියන්ට බරක් වගේම දරුවන්ට පීඩාවක් වී තිබෙන බවත් දරුවන් යන්ත්‍ර බවට පත් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ආණ්ඩුව අධ්‍යාපනය වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් කටයුතු කරන බවත් එළැඹෙන ජනවාරි මාසයේ සිට දරුවන්ට බරක් නොවන නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල වෙහෙසක් දරමින් කටයුතු කරනවා. අද දරුවන්ගේ අධ්‍යාපනය මවුපියන්ට බරක් වගේම දරුවන්ට පීඩාවක් වී තිබෙනවා. දරුවන් යන්ත්‍ර බවට පත් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා.

එළැඹෙන ජනවාරි මාසයේ සිට දරුවන්ට බරක් නොවන නව විෂය නිර්දේශ අපි හඳුන්වා දෙනවා. දරුවන්ට අධ්‍යාපනයට ලැබීමට අවශ්‍ය පහසුකම් අපි ලබා දෙනවා. ඒ වගේම ඇතැම් කුඩා පාසල් පිළිබඳ තීන්දු තීරණ ගනිමින් ඒ ආසන්නයේ තිබෙන පහසුකම් ඇති පාසල්වලට ආණ්ඩුවේ මැදිහත්වීමෙන් දරුවන් යොමු කරනවා.

රටේ එක් දරුවෙක්වත් පහසුකම් නැතිව හෝ ගුරුවරුන් නැතිව අධ්‍යාපනයෙන් පිටමන් නොවිය යුතුයි. ඒ නිසා අපි වැඩිම බර තබා තිබෙන්නේ අධ්‍යාපනයටයි. අද අපේ මවුපියෝ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දරන වැය බර අපි අඩු කරනවා.”

ජාතික ජන බලවේග ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments