පාසල් 100ක් වැසෙයි.!

කුඩා පාසල් සියයක් පමණ වසා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

ඒ එම පාසැල් වල සිසුන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී තිබීම හේතුවෙනි.

රජයේ තොරතුරුවලට අනුව සිසුන් 1000 අඩු පාසල් සංඛ්‍යාව පන්සියය ඉක්මවා තිබේ. ඒ අතරින් පාසල් විශාල ප්‍රමාණයක් සිසුන් දෙතුන්දෙනකුට සීමා වී ඇත.

එමෙන්ම හුදකලා තත්ත්වයේ පවතින මෙම පාසල් වසා දමා ඒවායේ සිසුන් පහසුකම් සහිත පාසල්වලට අනුයුක්ත කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ එම පාසල්වල සිසුන්ට සිදු වන අසාධාරණය වළක්වාලීම සඳහා ය.

සිසුන් අඩු පාසල් සෙසු පාසල්වලට අනුයුක්ත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපන කලාප කිහිපයක් උපයෝගී කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පැවැති කුඩා පාසල් කිහිපයක් වසා දමා ඒවායේ සිසුන් දැනට වෙනත් පාසල්වලට අනුයුක්ත කර තිබේ. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ කිලෝ මීටර් තුනක් ඇතුළත එක් පාසලක් යන සංකල්පය ද පෙරදැරිව ය.

පසුගිය දා නැගෙනහිර පළාතේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ මෙවැනි පාසල් විශාල ප්‍රමාණයක් උතුරු නැගෙනහිර පවතින අතර කුඩා පාසල් වසා දමා ඒවායේ සිසුන් පහසුකම් සහිත පාසල්වලට අනුයුක්ත කරන බවයි.

පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේ පාසල් සංඛ්‍යාව තිහකින් අඩු වී තිබෙන අතර පළමු ශ්‍රේණියට ඇතුළත් වීම් ද පන්දහසකට වැඩි සංඛ්‍යාවකින් අඩු වී තිබේ. වාර්ෂික උපත් සංඛ්‍යාව අඩු වෙමින් පවතින හෙයින් පාසල් පද්ධතිය දැඩි කළමනාකරණයකට ලක් කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments