By unusuma.lk on
(LK time)ඊයේ (18) රාත්‍රී 7ට පමණ මනම්පිටිය ආයුර්වේද පෙදෙස පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩිතබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස 38ක් වන ප්‍රධාන පාර, මනම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක් වන අතර වෙඩිතැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
මෙම වෙඩිතැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුව ඇත.
සැකකරු දේවස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ විපරම් කර බැලීමෙන් අනතුරුව නැවත මාර්ගයට ගොස් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.
දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම සිද්ධස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.