සහයකයින් 1103ක් මදුරුවෝ මරන්න බඳවාගෙන.!

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බවයි.

රුපියල් 27000ක පමණ දීමනාවක් යටතේ මෙම සේවකයන් සේවයේ යොදවා තිබේ.

මෙම සංඛ්‍යාවෙන් කාර්යමණ්ඩල තොරතුරුවලට ඇතුළත් කර තිබුණේ තනතුරු පහක් පමණක් බවද ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් ආයතන හා අංශවලට අදාළ 2023 ජුනි 30 දිනට අනුමත සමස්ත කාර්ය මණ්ඩලය 95948ක් හා එදිනට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය 81915 ක් බව පැවසේ..

ඒ අනුව සමස්ත කාර්ය මණ්ඩලයේ ඌණතාවය 14033ක් ලෙස පැවතුන බව වාර්තාව පෙන්වා දෙයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments