By unusuma.lk on
(LK time)දෙස් විදෙස් ආයෝජකයන් විශාල පිරිසක් කොළඹ ඇමැති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම අමැති බංගලා ලබාදෙන ලෙස ඉල්ලීම් කර ඇති ආයතන සහ පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට හැටක් දක්වා ඉහළ ගොස් ඇති අතර බංගලා කිහිපයක් පාවිච්චියට පෙර අලුත්වැඩියා කළ යුතු මට්ටමේ පවතින බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් ඇමැති බංගලා ලබාදීමේදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු ආකාරය සම්බන්ධ වාර්තාවක් මේ දිනවල කඩිනමින් පිළියෙල කරගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.
මේ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇමැති බංගලාවක් ඉල්ලා ඇති අතර එම සභාව පාවිච්චි කරන පෞද්ගලික ගොඩනැගිල්ලට මාසිකව විශාල මුදලක් කුලී වශයෙන් ගෙවන නිසා ඇමැති බංගලාවක් ලබාදීමෙන් එම මුදල ඉතිරි කර ගත හැකි බව එහි ප්‍රධානීන් දැනුම් දී ඇත.