බහුභූත VIP ටියුෂන් ගුරුවරියට වැඩ වරදී.!

5 ශ්‍රේණිය උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කරයි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට පොලීසිය පමණක් නොව පාසල් නිල ඇඳුම අවභාවිතා කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ටියුෂන් පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති මෙම ගුරුවරියට පොලිස් පරිවාරක රථ ලබාදීම සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්ව ඇත.

Loading

Tell me 💬
Notify of
guest
8 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments