By unusuma.lk on
(LK time)ඊයේ (5) රාත්‍රියේ ගම්පහ, අකරවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් සිය වයස අවුරුදු 14ක් වන දියණිය ඉකුත් දෙසැම්බර් 2වනදා සිට අතුරුදන්ව ඇති බවට ගම්පහ පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඝාතනය කර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දමා තිබූ දැරියගේ සිරුර සොයාගැනීමට පොලීසියට හැකිව ඇත.
දැරියගේ මව විසින් මෙම ඝාතනයට තම දෙවන සැමියා සැකකරන බවට ප්‍රකාශ කර ඇති අතර පැමිණිලිකාරියගේ දෙවන සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව දැරිය ඝාතනය කර සිරුර ඉදිකරමින් පවතින නිවසේ පිටුපස වැසිකිළිවලට දමා සැකකරු විසින් කොන්ක්‍රීට් ලෑල්ලකින් වසා ඇති බව හෙළි වී තිබේ.
ගම්පහ මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණය පැවැත්වීමට නියමිතය බැවින් මේ වනවිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.