By unusuma.lk on
(LK time)හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාස්කු ප්‍රහාරය පිළිබඳව බරපතළ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනාවරණය වී ඇති බවට විශ්වසනීය ආරංචි මාර්ග තහවුරු කළ බව මව්බිම පුවත්පත වාර්තා කරයි.
විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරය සම්බන්ධව පිල්ලෙයාන්ගේ මැදිහත් වීම පිළිබඳව සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු ඒ අනුව කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනාවරණය කොට ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධව තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනකු ඉදිරියේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය සාක්ෂි ලබා දීමට නියමිත බවද එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර අද (19) බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ජනපතිවරයා පවසා සිටියේ ඊට අදාළ පරීක්ෂණ හොඳින් සිදුවන බවට සහතික වන බවයි.
එමෙන්ම නිසි අයුරින් එම විමර්ශන සිදුකිරීමට කාලය අවශ්‍ය බවද ජනපතිවරයා අවධාරනය කළේය.