By unusuma.lk on
(LK time)පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බවත් නව දිශානතියක් ඔස්සේ මෙම විමර්ශන කෙරෙමින් පවතින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
මේ වනවිට යම් යම් පුද්ගලයන් සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබුණද ඒවා දැන්ම ප්‍රකාශයට පත්කළ නොහැකි බවත් මෙතෙක් කට ඇරපු නැති අය කට අරින්න පටන් අරන් තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
පාස්කු ප්‍රහාරයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නෑ කියපු අයගේ සම්බන්ධතා ගැන මේ වනවිට හෙළිවෙමින් පවතින බවත් ඉදිරියේදී තවත් තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ප්‍රහාරයට වසර හයක් ගත වන අවස්ථාවේ ඒ පිළිබඳව ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී ඇති බවත් විමර්ශන වත්මන් ආණ්ඩුව බලයට පත් වනතෙක් එක තැන පල්වෙමින් තිබූ බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වනවිට වේගවත්ව කෙරෙමින් පවතින බවත් මෙම අපරාධය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට සහතික වන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
පොළොන්නරුවේදී පැවැති ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.