By unusuma.lk on
(LK time)මහනුවර “සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන ජනතාවට දන්සල් ලබාදීම සඳහා මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් පුද්ගල සහ සංවිධාන 820ක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.
බැතිමතුන්ට ආහාරපාන බෙදාදීමට කාට හෝ අවශ්‍යතාවක් තිබේ නම් නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය බවත් අනතුරුව එම ආහාර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට භාජන කරයි.
දිනෙන් දින බැතිමතුන්ගේ පැමිණීම ඉහළ යාමත් සමඟ දන්සල් සඳහා ලියාපදිංචි වීම ඉහළ යමින් තිබෙන බවත් අවසන් දින තුනේදී අලුතින් දන්සල් 500ක් පමණ ලියාපදිංචිය ලබාගෙන ඇති බව වාර්තා වේ.
තවද මහනුවර නගරය පුරා බෙදාහරින පානීය ජලය සෑම විනාඩි 40කට වරක්ම රසායනාගාර පරීක්ෂාවට ලක්කර පිරිසුදු භාවය තහවුරු කර ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇත.