By unusuma.lk on
(LK time)කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.
කෙසේ වෙතත් එම ඉඩම් නඩු සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු සිව් දෙනෙකු එළැඹෙන (05) වැනි දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
තවද හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගෙන එළැඹෙන (05) වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහර මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.