උණුසුම් තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ සියලු රැදවියන් මාරු කරයි.!

ඊයේ (22) දින රාත්‍රියේ මාතර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 200ක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට අද (23) පියවර ගෙන ඇත.

රැඳවියන් තිදෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පළ කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් පිරසක් රාත්‍රී 8.00ට පමණ බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

මෙම උණුසුම් තත්ත්වය සමග බන්ධනාගාරයේ ඉහළ ආරක්ෂක කුටිවල බන්ධනාගාර නිලධාරීන්ට ගල් – මුල්වලින් පහරදීමට රැඳවියන් කටයුතු කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරින් අහසට වෙඩි තබා තිබුණි.

මෙම තත්ත්වයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර කාන්තා රැඳවියන් 25 දෙනෙකු ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඟුණ⁣කොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කිරිමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කර ඇත.

රැඳවියන් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ තිබු දේපොළවලට හානි කිරීමට හේතුවෙන් බන්ධනාගාරයේ ආරක්ෂාවට පොලීසිය කැඳවා බන්ධනාගාරය තුළට කඳුළු ගෑස් ප්‍රහාර දෙකක් එල්ලකර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments