By unusuma.lk on
(LK time)අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, ඩෑන් ප්‍රියසාද්ව රෝහලට රැගෙන එන විට අසාධ්‍ය තත්ත්වයේ සිටි බවත් ඔහුගේ පපුවට හා උරහිසට මෙම වෙඩි පහරවල් එල්ලවී තිබූ බවත් ය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද්ව ඊයේ (22) රාත්‍රී 9.20 ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසුව ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍ය කාර්යමණ්ඩලය බොහෝ උත්සාහ දැරූ නමුත් එම වෑයම සාර්ථක නොවූ බවයි රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් පැවසීය.
ඔහු ජීවිතක්ෂයට පත්වූයේ රාත්‍රී 11.20 ට පමණ බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් ඩෑන් ප්‍රියසාද් මියයාමට පෙර ඔහු දැඩි සත්කාර ඒකකයේ සිටින විට රාත්‍රී 10ට පමණ ඔහු මියගොස් ඇති බවත් සිරුර මෘත ශරිරාගරයේ තිබෙන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.
ඉන් අනතුරුව නැවතත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, වෙඩි වැදිමෙන් තුවාල ලැබු ඩෑන් ප්‍රියසාද් මියගිය නොගිය බවත් ඒ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබමින් සිටින බවයි.