සිලින්ඩරය පුපුරයි.. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට හවුල්කාර පක්ෂ පොරකයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය හිමි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ බව කියන නිතීඥ ෆයිසර් මුස්තාපාගේ නම සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අර්බුකාරී වාතාවරණයක් හටගෙන ඇත.

ෆයිසර් මුස්තාපා සම්බන්ධයෙන් හවුල්කාර පක්ෂ සාකච්ඡා කර නොමැති බවත් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා සියලුම දෙනාගේ එකඟතාවය හිමිවුයේ හිටපු අමාත්‍ය කංචන විජේසේකරට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ සදහන් කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිතීඥ ෆයිසර් මුස්තාපාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා යෝජනා කර තිබුණු අතර ෆයිසර් මුස්තාපා මීට පෙරද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

කෙසේ වෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර පත් නොකර නිතීඥ ෆයිසර් මුස්තාපා නම් කිරීම හේතුවෙන් පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් දැඩි කළකිරීමකට පත්ව සිටින බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments