ජනතාවට හදිසි නිවේදනයක්.. මහනුවරට එන්න එපා.!

සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිට ලක්ෂ 4කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බවද මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කරයි.

ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කළේ,

“ඇත්තටම අපි රටට ජනතාවට ඇත්ත කියන්න ඕනේ, මේ ඉන්න ලක්ෂ 4ක ජනතාව ගත්තොත් ඔවුන්ට දළදා වන්දනාව සිදුකර ගැනීමට තවත් දින 4ක් හෝ 5ක් ගත්වෙනවා. ඒ වගේම මහනුවර නගරය සීමා සහිතයි.

නගරයට දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. දැනට ඉන්න ජනතාව හොඳටම ප්‍රමාණවත් මහනුවරට දරන්න. ඒ වගේම තමා අපි ආහාර පාන සැපයුවත් සනීපාරක්ෂක පහසුකම් සැපයීම කියන කාරණය තුළ දුෂ්කර තත්ත්වයක් තියෙනවා.

තවදුරටත් ජනතාව මහනුවරට ආවොත් ඉදිරියේදී සෞඛ්‍ය ගැටලු මෙන්ම විශේෂයෙන්ම ආපදා තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා අපි ජනතාව ගැන හිතලා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. නැවත දැනුම්දෙන තුරු මේ මහනුවර නගරයට එන්න එපා කියලා ඉල්ලීම් කරනවා.”

දළදා වන්දනා මෙහෙයුම් කමිටු තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ලේකම් ඉන්දික උඩවත්ත මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments