By unusuma.lk on
(LK time)අද පාකිස්ථානයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් ඉස්ලාමබාද් හිදී රැස් වූ අවස්ථාවේදි පාකිස්ථානය විසින් ඉන්දියාවට දැඩි ප්‍රතිචාර දැක්වීමට තීරණය කර තිබෙනවා.
මෙම කවුන්සලය අද රැස්වූයේ ඊයේ දකුණු කාශ්මීරයේ පහල් ගම් හිදී සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
එහිදී තීරණය වී ඇත්තේ ඉන්දු ජල ගිවිසුමට අනුව පාකිස්තානයට අයත් ජලය ඉන්දියාව විසින් ගලායාම නැවැත්වීමට හෝ හරවා යැවීමට සහ පහළ ගංගා තීරයේ අයිතිවාසිකම් අත්පත් කර ගැනීමට ගන්නා ඕනෑම උත්සාහයක් “යුද ක්‍රියාවක්” ලෙස සලකනු ලබන අතර ජාතික බලයේ සම්පූර්ණ වර්ණාවලිය හරහා පූර්ණ බලයෙන් ප්‍රතිචාර දක්වන බවයි.
එමෙන්ම සික් ආගමික වන්දනාකරුවන් හැර, සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේ පාකිස්තානයේ සිටින ඉන්දියානු ජාතිකයින්ට රටින් පිටවීමට පැය 48 ක කාලයක් දී තිබෙනවා.
ඉන්දියාවට අයත් හෝ ඉන්දියාවෙන් ක්‍රියාත්මක වන සියලුම ගුවන් සමාගම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පාකිස්තානයේ ගුවන් සීමාව වසා දම-ඇති බවයි වාර්තා වන්නේ.
පාකිස්තානය හරහා ඕනෑම තෙවන රටකට සහ ඉන් පිටතට ඉන්දියාව සමඟ සියලු වෙළඳාම වහාම අත්හිටුවා තිබෙනවා.
මෙම ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ වගකීම, පාකිස්ථානය පදනම් කරගත් ලෂ්කර් ඊනායිබා සංවිධානයට සහය දක්වන ප්‍රතිරෝධක පෙරමුණ හෙවත් ටී.ආර්.එෆ් සංවිධානය භාරගෙන නිබුණා.
මෙවන් පසුබිමක ඉන්දියාවේ රැඳී සිටින සියළු පාකිස්තාන ජාතිකයන්ට පැය 48 ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙසයි ඉන්දීය රජය මීට පෙර නියෝගකර තිබුනි.
දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් සංචාරක ප්‍රදේශය ඉලක්ක කර එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමි වුණා
ප්‍රහාරයෙන් මියගිය පිරිස් අතර ඉන්දියානුවන් 25 දෙනෙකු සහ එක් නේපාල පුරවැසියෙකු අයත් බවද සඳහන්.
ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිදු කණ්ඩයාමක් භාරගෙන නොමැති අතර ඉස්ලාමීය බෙදුම්වාදීන් විසින් මෙම ප්‍රහාරය දියත්කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම 2008 වසරේ මුම්බායි නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව එරට තුළ සිවිල් වැසියන් ඉලක්ක කර දියත් වූ දරුණුතම ප්‍රහාරයද මෙය වන බවයි පැවසෙන්නේ.
ඉන්දියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ හදිසියේම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු
කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ කැබිනට් කමිටු තීරණ අනුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින රාජ්‍ය සබඳතා පහළ දැමීමට ද පියවර ගෙන තිබෙනවා
ඒ අනුව සාර්ක් නිදහස් වීසා බලපත්‍ර ක්‍රමවේදය හරහා පාකිස්ථාන ජාතිකයින්ට ඉන්දියාවට වීසා පහසුකම් ලබාදීම අත්හිටුවා තිබෙනවා.
එමෙන්ම මෙම වීසා බලපත්‍ර යටතේ ඉන්දියාවේ සිටින සෑම පාකිස්තාන පුරවැසියෙක්ම පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යා යුතු බවයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.
එමෙන්ම ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින වගා දේශසීමාව සම්පූර්ණයෙන් වසා දැමීමටද නියමිතයි
එමෙන්ම නවදිල්ලියේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක, හමුදා, නාවික සහ ගුවන් උපදේශකයින් නීත්‍යානුකූල නොවන පුද්ගලයින් ලෙසද ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් සියලු දෙනා ඉන්දියාවෙන් පිටත්විය යුතු අතර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සිටින ආරක්ෂක, හමුදා, නාවික සහ ගුවන් උපදේශකයින් ද ඉන්දියාව වෙත ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.