දිව⁣යිනේ සියලුම පාසල් වලට දින දෙකක නිවාඩුවක්.!

දිවයිනේ සියලුම පාසල්වලට එළඹෙන මැයි මස (05) සහ (06) දෙදින නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එළඹෙන මැයි මස (06) වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් පාසල්වලට නිවාඩු ලබාදෙන අතර මැයි මස (07) වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු අතර අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments