By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරි ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු
අමාත්‍ය මර්වින් සිල්වාට අදාළ නඩුව ජුනි මස 30 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සැකකාර මර්වින් සිල්වා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් අධිකරණයට කරුණු අනාවරණය කෙරුණා.
ඒ අනුව නඩුව ජුනි මස 30 දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.
එදින මර්වින් සිල්වා බන්ධනාගාර ගතව සිටියේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නියම කළා.