By unusuma.lk on
(LK time)පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.
යම් සේවකයෙක් ඡන්දය ලබාදීමට ඉල්ලීමක් කළ විට ඊට අදාළව සේවායෝජකයා විසින් ප්රමාණවත් යැයි සලකනු ලබන පැය 02කට නොඅඩු කාලයක් සේවකයාට පඩි සහිත නිවාඩුවක් ලබාදිය යුතුය.
ඒ අනුව සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට දුර කිලෝමිටර් 40ක් හෝ ඊට අඩු නම්, දින භාගයක නිවාඩුවක් සහ කිලෝමීටර් 40-100 අතර වේ නම් දින 01ක් බැගින් නිවාඩුවක් ලබාදිය යුතුය.
තවද කිලෝමීටර් 100-150ත් අතර නම් දින 1 1/2ක නිවාඩුවක් සහ කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබාදිය යුතුය.
