තව මාස කිහිපයයි.. අගෝස්තු ජනාධිපති රනිල්.. දෙසැම්බර් ජනාධිපති සජිත්.!

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැඩි ඈතක නොවන බවත් එළඹෙන අගෝස්තු මාසයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවතත් රටේ ජනාධිපති කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කරයි.

රාජිත සේනාරත්න සඳහන් කළේ,

“එදා රට වැටිච්ච වෙලාවේ බාරගන්න බැහැයි කියපු සජිත් දැන් ඉල්ලනවා. තාම ප්‍රතිඵල නිකුත් වුණේ නෑ. තාම නරක කාලය ආවේ නෑ රටේ. ඡන්දෙ තියෙන්නේ අද නෙවෙයි මැයි (06)ය.

මැයි (06) වෙනකොට අපට තව ප්‍රතිඵල එනවා. ආණ්ඩුව වැටිලා. අගෝස්තු වෙනකොට මේක මෝදුවගන්නවා. මේ අර්බුදය අවුරුද්ද අන්තිම වෙනකොට මේ අයට හිටගෙන ඉන්න බැරිවෙනවා.

රෑත් වැටුන ගෝඨාභය වලේ. දවල්ට වැටුන අනුරත් එක්ක වලේ. උදේ වරුවට සජිත් එක්ක වැටෙනවා. ඉතුරු තියන එකම විසදුම රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන එජාපයේ ජයග්‍රහණය වැඩි ඈතක නෑ. අවුරුදු ගණන් නෑ. මාස ගණන් විතරයි තියෙන්නේ.”

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සදහන් කළේ, එළඹෙන දෙසැම්බර් වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති කරන බවයි.

“මම පොරොන්දු වෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් මහත්මයා ජනාධිපති කරනවා. හෙමින් යං. ඒක නිකන් එයි. අපි ගන්න ඕන්නෑ. ඒක දීල යයි. කරන්න බැරිවෙනකොට ගෝඨාභය දෙන්න බැලුවනේ. ගෝඨා දෙන්න යනකොට අපේ ලොක්කා ගන්න පොඩ්ඩක් පරක්කු වුණ ගමන් අරය රිංලුවා. රනිල් මහත්තයා. මේ පාර දෙන්නෑ එහෙම. මේ පාර අපිත් බලාගෙන ඉන්නේ. දැනුත් රෙඩි වෙලා ඉන්නේ සපත්තු පොලිෂ් කරගෙන.”

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments