බිරිඳ ඝාතනය කර සිරුර දෙකට කපයි.. සිරුරේ කොටස් කුණු ඇලේ.!

බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා විසින් ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා ග්‍රෑන්ඩ්ට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, ගෑන්ඩ්ට්ස් ස්ටේටිපුර පදිංචිව සිටි ඒ එච් කේ විමලාවතී නැමති 65 හැවිරිදි දෙදරු මවක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරු එම කාන්තාවගේ දෙවැනි විවාහයේ සැමියායි.

ඝාතනයට ලක් වූ කාන්තාව එක් දියණියක් සමග ස්ටේට් පුර ප්‍රදේශයේම දෙමහල් නිවසක ජීවත් වන අතර උඩුමහලේ දියණිය සැමියා සමගත් ඝාතනයට ලක් වූ කාන්තාව සැමියා සමඟ පහත මහලේ ගත කරන බව පොලිසිය සඳහන් කරයි.

මෙම කාන්තාව මත්කුඩු ජාවාරම සිදු කරන අතර මත්කුඩු මිලදී ගැනීමට පැමිණි 25 හැවිරිදි තරුණයකු සමඟ අනියම් ඇසුරක් පැවැත්වීම මෙම ඝාතනයට මූලික හේතුව බව පොලීසිය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments