ගම්මන්පිල කතා කරන පළවෙනි සහ අවසාන නඩුව පිල්ලෙයාන්ගේ නඩුවයි.!

නීතීඥ උදය ගම්මන්පිල කතා කරන පළවෙනි නඩුව බවට පත්වෙන්නේ පිල්ලෙයාන්ගේ නඩුව බවත් සමහරවිට එය අවසාන නඩුව වෙන්න පුළුවන් බවද ජනතා විමුක්ති පෙරමුණේ ⁣ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ,

“පිල්ලෙයාන් ගෙනාපු ගමන් මොකද වෙලා තියෙන්නේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ගේ දුරකථනයෙන් රදවන් ඉන්න තැනට දුරකතන ඇමතුමක් අරන් කියනවා, පොලීසියේ මහත්තයාට පිල්ලෙයාන්ට දුරකතනය දෙන්න කියලා.

පොලීසියේ මහත්තයා කියනවා, බෑ සර්. නීතිවිරෝධියි. එහෙම දෙන්න බෑ කියලා. අන්න පොලීසිය. දැන් පොලීසිය වෙනස් කරලා තියෙන්නේ. දැන් පොලීසියට දේශපාලන බලපෑම් නෑ. ඒක හොදයි. එහෙම යන්න ඕන.

දැන් අහගන්න ඕනෑ. විදිහක් නෑ. පිල්ලෙයාන් හම්බෙන්න පුළුවන් ලගම ඥතීන්ටයි, නීතීඥයාටයි විතරයි. මේ ගොල්ලෝ ලගම ඥතීන් නෙමෙයිනේ. එහෙනම් මොකක්ද ක්‍රමය, නීතීඥයා. අන්න වැඩේ බාරදුන්නා කාටද, උදය ගම්මන්පිලට.

මිනිහ නීතීඥයානේ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මොකක්ද.? මිනිහ නීතීඥයෙක් වුණාට ජීවිතේ කවදාකවත් උසාවියේ නඩුවක් කතා කරලා නෑ. නාමල් රාජපක්ෂ වගේමයි. නඩු කතා කරලා නෑ. එහෙම වුණොත් වාර්තාවක් වෙනව මොකක්ද.?

උදය ගම්මන්පිල කතා කරන පළවෙනි නඩුව බවට පත්වෙන්නේ පිල්ලෙයාන්ගේ නඩුව. සමහරවිට අවසාන එකත් ඒක වෙන්න පුළුවන්. මොකද දන්නවාද.? දැන් ඔය පිල්ලෙයාන් හම්බෙලා ඇවිල්ලා උදය ගම්මන්පිල කීවනේ පිල්ලෙයාන් අඩනවා කියලා.

මම දැක්කා ඔය මුහුණුපොතේ දාලා තියෙනවා කවුරුහරි කෙනෙක් විහිලුවට වගේ දාලා තිබුණා අඩපු හේතුව. පිල්ලෙයාන් ඇඩුවේ ඇයි කියලා. ඒ කියන්නේ පිල්ලෙයාන්ගේ නීතීඥයා උදය ගම්මන්පිල කියලා දැනගත්තු ගමන්ම පිල්ලෙයාන් ඇඩුවලු. නඩුව පරදිනවනේ.”

බේරුවල ජන රැළිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments