By unusuma.lk on
(LK time)අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇත.
කාශ්මීරයේ ප්‍රහාරයෙන් පසුව ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තහනමට ලක්වූ පාකිස්තාන යූ ටියුබ් නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා මෙන්ම පාකිස්තාන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ නාලිකා ඇතුලත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.