නැව් පිටින් ගෙන්වූ කිරි කිරි වාහන වල මැස්සෝ වසති.!

ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවෝ පවසන්නේ වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කිරීමෙන් පසුව වාහන ආනයනය කළද මිල ගණන් විශාල ලෙස ඉහළ යාමෙන් වාහන ඉල්ලුම අඩුවී ඇති බවයි.

වාහන ආනයනය ආරම්භ කළ පසු විශාල ඉල්ලූමක් ඇතිවේ යැයි බලාපොරොත්තු වුවද එවැනි ඉල්ලුමක් නිර්මාණය වී නොමැති බවත් ඇතැම් ආනයන සීමා හේතුවෙන් සැපයුමේ ප‍්‍රමාදයක් පවතින බවත් ආනයනකරුවෝ පවසති.

ආනයනය කරන වාහන මාස තුනක් ඇතුලත ලියාපදිංචි නොකළහොත් ප්‍රතිඅපනයනය කිරීමට සිදුවීම, එසේ වුවහොත් ආනයනකරුට දඩයක් පැනවීම සහ ඇතැම් විට ආනයන බලපත්‍රය අහෝසි කිරීම වීම වැනි බලපෑම්වලට ආනයනකරුවන්ට මුහුණ දීමට සිදුවන බවත් ඒ හේතුවෙන් ගැණුම්කරු ඇණවුම් කිරීමෙන් පසුව පමණක් වාහන ආනයනය කිරීමට පෙලඹී ඇති බවද පැවසේ.

එම තත්වය යටතේ ගැණුම්කරුවකුට වාහනයක් ඇණවුම්කර වාහනය සැපයීමට මාස පහක පමණ කාලයක් ගත වන බවද සඳහන්.

මෙරට ප්‍රධානම වාහන ආනයන කරන සමාගමක් වන ටොයෝටා’ ලංකා සමගමේ වෙබ් අඩවියේ ද වාහන වල මිල සඳහන්ව නොමැති අතර වාහන ඉල්ලුම් කිරීමෙන් පසුව එහි මිල ප්‍රකාශ කරන්නේ යැයි සඳහන් කර තිබේ.

මෙරට බහුලව පාවිච්චි කරන සුසුකි වැගන් ආර් අලුත් මෝටර් රථයක මිල ද මේ වන විට රුපියල් ලක්ෂ 70 ඉක්මවා ඇතැයි වාර්තා වේ.

මේ අතර විද්‍යුත් වාහන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව එම වාහන ආනයනය කරන සමාගම් පවසයි. කෙසේ වෙතත් එම වාහනවල මිලද ඉතාම ඉහළ මට්ටමක පවතින අතර එම වාහනයක් ද ඇනවුම් කිරීමෙන් පසුව සැපයීමට මාස හයක පමණ කාලයක් ගතවන බව ද වාර්තා වේ.

මෙරට නමගිය ඇතැම් වාහන අලෙවිසල්වල වාහන නොමැති තත්වයක් ද දැකගත හැකි අතර ඇතැම් වාහන අලෙවිසල්වල ඇති පරණ වාහන මිල ඉහළ මට්ටමක පවතී.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments