By unusuma.lk on
(LK time)කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් හිටපු අතිරේක ලේකම්වරයා අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ 2021 වසරේදී චීනයේ Qingdao Seawin Biotech නම් සමාගමකින් ගෙන්වන ලද පොහොර තොගයක් සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අදාලවයි.
අල්ලස් කොමිසම විසින් අදාල අතිරේක ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ සමාගමෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබා දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයෙන් 75%ක මුදලක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනා මතයි.
එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළැඹෙන මැයි මස 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.