By unusuma.lk on
(LK time)අද (28) දින පස්වරුවේ කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයට බෝම්බ බියක් ඇති විය.
විදේශිකයෙකු විසින් රුසියානු තානාපති කාර්යාලයට පැමිණ ලැප්ටොප් පරිගණකයක් ලබාදී ක්ෂණිකයෙන් පිටව යාම හේතුවෙන් මෙම බෝම්බ බිය ඇතිව තිබෙි.
වහාම විශේෂ කාර්ය බළකාය, විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්රීය අංශය, කුරුඳුවත්ත පොලීසිය ඇතුළු කණ්ඩායමක් එම තානාපති කාර්යාලය වෙත කැඳවීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් අනතුරුව ඉදිරි විමර්ශන කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකරයි.