රන්වලගේ අස්වීම් ලිපියට ජනපතිගෙන් ප්‍රතිචාර.!

අනුර කුමාර දිසානායක මහතා විසින් හිටපු කථානායක අශෝක රන්වල මහතා විසින් යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය අනුමත කර තිබේ. 

මේ බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරයාට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් දැනුම් දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64/2 ව්‍යස්ථාවට අනුව කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන පදවිවලින් කවර හෝ පදවියක් දරන්නෙකු ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන්නේ නම් සිය අත්සනින් යුතු ලිපියකින් ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දිය යුතුයි.

ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගන්නේ නම් ඒ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දිය යුතු වේ.

හිටපු කථානායකවරයා පසුගිය මස 21 වැනිදා කථානායක ධුරයේ දිවුරුම් දුන් අතර ඊයේ ඔහු ඉල්ලා අස්වීමට තීරණය කරන විට ධුරයේ කටයුතු කර තිබුණේ දින 22ක් පමණයි.

ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් කටයුතු කළ කථානායක ධුරයේ වාර්තාවට රන්වල මහතා හිමිකම් කියනු ලබයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.