අති දක්ෂ කණ්ඩායමක් නිෂ්ශබ්දව වැඩ.. ඝාතකයන් භීතියට පත්වන ඉඟියක්.!

පසුගිය වසර කිහිපය තුළ සිදුකර ඇතැයි කියන දේශපාලන ඝාතන රහස්වලට අදාළ සියලු පරීක්ෂණ ගොනු මේ වනවිට ඒ සඳහා යොදවා ඇති විශේෂ රහස් පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් අධීක්ෂණය කරමින් ඉදිරි පියවර සඳහා සූදානම් වන බව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඉමේෂා මුතුමාල මහත්මිය “මව්රට” පුවත්පත වෙත ප්‍රකාශයක් සිදුකර තිබුනි.

එහිදී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, ප්‍රධාන වශයෙන් සමාජයේ ආන්දෝලනයකට තුඩුදී ඇති ඝාතන පිළිබඳ ප්‍රමුඛත්වය ලබාදෙමින් තොරතුරු පෙළගස්වමින් සිටින බවයි.

මේ අතර, මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම සන්ඩේ ලීඩර් කතුවරයාව සිටි ලසන්ත වික්‍රමතුංග සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධීන් මෙන්ම දේශපාලන බලපෑම් මත වළදමා තිබූ ඝාතන සියල්ල නුදුරේදීම එළියට ගන්නා බවයි.

මේ වනවිට සියලුම විමර්ශන අංශ වෙත ස්වාධීනව කටයුතු කිරීම සඳහා බලය පවරා ඇති බවත්, පරීක්ෂණ එකින් එක එළියට ගැනීමේදී තොරතුරු සැඟවූ තැන් මතුකර ගැනීමට පමාවක් සිදුවුවත් අදාළ සැකකරුවන් නියත වශයෙන්ම නීතිය හමුවට ගෙන එන බවද ඔහු සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.