පිල්ලෙයාන් වමාරයි.. ගජ මිතුරෙක් කොටුවෙයි.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත ඔහු සමඟ බන්ධනාගාරගතව සිටි ඛලීල් නම් බුද්ධි අංශ සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරන බව වාර්තා වේ.

බුද්ධි අංශ සමඟ සම්බන්ධකම් පැවැත්වු මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ සම්බන්ධකම් පවත්වා ඇති අතර පිල්ලෙයාන් නමින් ඇතැම් ලිපි ලියා ඇත්තේද ඔහු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව් කරගෙන ඇත.

ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ සිටි හිටපු පළාත් සභා මන්ත්‍රි එඩ්වින් සිල්වා ක්‍රිෂ්ණන් රාජා, රංගසාමි කණකනායගම් සහ විනෝද් යන තිදෙනාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments