සියලු මත්පැන් හල් වසා දමයි.!

දිවයිනේ මත්පැන් හල් වසා තැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් අද (30) දින නිකුත් කර ඇත.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (1) දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මකවන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුෂිත හෝටල් බලපත්‍ර (රැ.බී. 07/ 08, බුටික් විලා බලපත්‍ර ස්ථානවල නේවාසික ආගන්තුක සංචාරකයන් සඳහා පමණක්) හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අලෙවිකිරීමේ බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතුය.

එම සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන අද (30) දින වසනු ලැබූ වේලාවේ සිට මැයි (02) වනදා විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments