ඉන්දියාව විසින් පාකිස්තානය ආක්‍රමණය කිරීමේ ඉඩක් තිබෙන බැවින් ගුවනින්, මුහුදින් හෝ ගොඩ බිමෙන් ඉන්දියාව එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට මුහුණදීමට පාකිස්තානය සිය හමුදා සූදානම් කර ඇති බව පාකිස්තාන ආරක්ෂක ඇමැති කවාජා සඳහන් කරයි.
පාකිස්තානයේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවට එරෙහිව එල්ල වන ඕනෑම තත්ත්වයක් හමුවේ “දෙවියන්ගේ නාමයෙන්” ඊට සුදුසු ප්‍රතිචාර දක්වන බවත් රටට තර්ජනයක් වෙනවා නම් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සිදුවනු ඇති බවද පාකිස්තාන ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කරයි.
ඉන්දියාව සහ පාකිස්තානය යනු න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ රටවල් වන අතර ඇති වෙමින් තිබෙන මෙම යුදමය තත්ත්වය හමුවේ දෙරට විදේශ කටයුතු ඇමැතිවරුන් සමග ඒ පිළිබඳව සාකච්ඡා කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැම් බෲස් සඳහන් කළාය.
කෙසේ වෙතත් කාශ්මීරයේදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී ඇත.
ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.