පොලීසියෙන් මහජනතාව⁣ට විශේෂ නිවේදනයක්.!

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලද ව්‍යාජ ලිපිය සම්බන්ධව මහජනතාව දැනුවත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම ලිපිය යොමු කරන ලද ආයතනය ලෙස සඳහන් “Cyber Crime Headquarters Colombo, Sri lanka” නමින් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ නොවන අතර මෙහි දක්වා ඇති තනතුරු හෝ කරුණු ශ්‍රී ලංකා පොලීසිය මඟින් ප්‍රකාශයට පත් නොකරන ලද, අසත්‍ය හා විකෘති කරන ලද කරුණු බව ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

මෙම ඉංග්‍රීසි ලිපිය උපයෝගී කරගෙන මුදල් ඉල්ලමින් මහජනතාව නොමඟ යවා අපහසුතාවයට පත් කරන බවද මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.

මෙම ලිපිය කෙරෙහි විශ්වාසය තබා කිසිදු ආකාරයක මුදල් යොමු කිරීමක් සිදු නොකළ යුතු අතර මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීමට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments