දේශබන්දු තෙන්නකෝන්ට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ල විය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දැනුම් දී ඇත.
දේශබන්දු තන්නකෝන් ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇතැයි තොරතුරු වාර්තාවී ඇති බවද එම පොලිස් නිලධාරීන් දැනුම් දී ඇත.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරයි.
අදාළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවත් ඒ සම්බන්ධව අතුරුගිරිය පොලීසිය දේශබන්දු තෙන්නකෝන්ට දැනුම්දීමක් කළ බවද පොලීසිය සඳහන් කරයි.