වසර 16කට පසුව ජනපති අනුර වියට්නාමයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (04) දින අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ දූත පිරිස වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.

වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ 1970 වසරේ දී ආරම්භ වූ වියට්නාම – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනුව 2009 වසරෙන් පසුව වසර 16කට පසු ශ්‍රී ලංකා නායකයෙකු වියට්නාමයට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ.

වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින සිට එළැඹෙන (06) වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments