ජනපති අනුර වියට්නාමය සමග දේශපාලනික මිත්‍රත්වය අලුත් කරයි.!

මේ වනවිට වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ එරට වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටූ ලැම් මහතා හමුවිය.

එරට පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී මෙම හමුව සිදුවූ බව වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වසර 55ක් වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවෙහි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම දිසානායක ජනාධිපතිවරයා හෙට (05) දිනයේදී  වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතය. 

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments