පූජනීය ධාතුන් වහන්සේ රැසක් කෝටි 386කට විකුණයි.!

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක් ශ්‍රී ලංකා රුපියල් කෝටි 386 ක් පමණ මුදලකට එළැඹෙන 7 වැනිදා වෙන්දේසි කිරීමට නියමිතය.

බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු කිරීමේ භාණ්ඩ සහ ස්වර්ණාභරණ තැරැව්කාර ආයතනයක් වන සදබි වෙන්දේසි සමාගම විසින් මෙම වෙන්දේසිය සැළසුම් කර ඇත.

මෙම ධාතු 1898දී ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි Piprahwa නමින් හැඳින්වෙන පුරාණ ස්තූපයකින් බ්‍රිතාන්‍ය ඉඩම් හිමිකරු William Claxton Peppé විසින් සොයාගනු ලැබීය. එහිදී හමුවූ විශාල ශිලා කොප්පයක් තුළින් බුදුන්ගේ අස්ථි කොටස් සහ මැණික්, මුතු, රන් හා රිදී භාණ්ඩ ඇතුළු අභිමානවත් පූජනීය ද්‍රව්‍ය රැසක් හමුවිය.

මෙම ස්ථූපය බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සඳහා ශාක්‍යය වංශිකයන් ඉදිකළ ස්තූපයක් ලෙස සැළකේ.

මෙම එකතුවේ කොටසක් ඉන්දියාවේ කොල්කටා නගරයේ ඉන්දීය කෞතුකාගාරයට පවරනු ලැබූ අතර, 331ක් පමණ වූ අනුපිටපත් භාණ්ඩ Peppé පවුලේ පුද්ගලික එකතුවක් ලෙස රඳවාගෙන තිබුණි

මෙම පුරාණ එකතුව කිසිවකට සමානකළ නොහැකි ආගමික, පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කමක් ඇති එකතුවක් ලෙස විස්තර කරමින් සදබි වෙන්දේසි සමාගම සිය වෙන්දේසි ලැයිස්තුවට එක් කර තිබේ.

කෙසේ වෙතත් වෙන්දේසිය සිදු කරන සදබි හොංකොං කාර්යාලය සඳහන් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් තැන්පත් කර තිබූ අළු බඳුනේ ඔබ්බවා තිබූ මැණික් ගල් මෙම එකතුවට ඇතුළත් වුවත් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා ඇතුළත් නොවන බවයි.

Loading

Tell me 💬
Notify of
guest
8 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments