රාජ්‍ය නිලධාරීන් අනිවාර්යයි.. මැතිවරණයට සියල්ල සූදානම්.!

අද (05) දින පෙරවරුවේ සිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

මෙවර පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) දිනයේ පෙරවරු 7.00ට ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී ඡන්දය පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නියමිතය.

ඡන්ද විමසීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments