රට පුරාම ආරක්ෂාව තර කරයි.!

2025 පළාත් පාලන මැතිවරණය හෙට (06) දින පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීමට අදාළ විශේෂ පොලිස් රාජකාරි අද (05) දිනයේ සිට ආරම්භ වේ.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,000ක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 3,000කට ආසන්න ප්‍රමාණයක් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කරයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්‍ෂකයන් 3,000කට ආසන්න පිරිසක් යෙදවීමට කටයුතු කර ඇති බවත් එහි නිරීක්ෂණය කිරීමට විදේශ නිරීක්‍ෂකයන් සහභාගි නොකරන බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments